බර්ටි-එස්.එම්. කට වසා ගත යුතුයි – මෛත‍්‍රී0 Comments

By admin
Posted on 22 Sep 2012 at 9:08pm

උතුරු මැද මහ ඇමති ධුරය සම්බන්ධයෙන් බර්ටි පේ‍්‍රමලාල් සහ එස්.එම්. දෙපාර්ශ්වයම කට වසා ගත යුතු යයි ශ‍්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුවේ පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවයා මේ අදහස් පැවසීය.

”දෙපාර්ශවයක් විදිහට මන්ත්‍රීවරු කරන මේ සංවාදය වහාම නැවැත්විය යුතුයි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන අමාත්‍යවරු සහ ඇමතිවරු පත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ කමිටුව පහුගිය දිනවල තිබෙන සියලු තත්ත්වයන් අධ්‍යනය කළා. පත් කළ යුතු ප්‍රධාන අමාත්‍යවරුන් සහ අදාළ අමාත්‍යවරුන් පිළිබඳ අපි ජනාධිපතිතුමාට නිර්දේශ ලබා දෙනවා. නිර්දේශ ලැබීමෙන් පසු ජනාධිපතිතුමාට මේ සම්බනධයෙන් එතුමා තීරණයක් ගන්න බව අපි දන්නවා. ඒක නිසා ප්‍රධාන වශයෙන්ම පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කරන ඉල්ලීම තමයි සියලු පාර්ශව නිශ්ශබ්ද වීමෙන් විනය ගරුකව පක්ෂයේ ගෞරවයත් රකිමින් කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒ තුළ තමයි අපි තීරණයක් ගන්නේ ප්‍රධාන අමාත්‍යවරයා කවුද කියන කාරණාව” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී අදහස් කීය.

Be the first to like.

Related posts:

Read Also
Advertisement

Leave a Reply