ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට රක්ෂණයක්0 Comments

By admin
Posted on 07 Sep 2012 at 12:59am

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ රක්ෂණය යාවත්කාලින කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. මේ අනුක කණ්ඩායමේ සහ කණ්ඩායමට අනුබද්ධිත සේවකයින් සදහා නව රක්ෂණ ගිවිසුම අත්සන් කර ඇතැයි සදහන්. ඒ ප්‍රධාන පෙලේ රක්ෂණ ආයතනයක් සමගයි. මෙම රක්ෂණයේ වටිනාකම රුපියල් ලක්ෂ 187 ක් වනවා. ගිවිසුමේ දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 140950 ක් බවයි. මෙම මුදලට රජයේ අනුමත බදු මුදල් වෙනම එකතුවනවා. ගිවිසුමට අනුව 29 දෙනෙකු රක්ෂණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්ථානයේදී ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල වුණා. එහි අදුරු සෙවනැලි හේතුවෙන් ක්‍රීඩකයින්ගේ රක්ෂණය සිදුකිරීමේදී වෙනත් රටවල් පවා මේ වන විට වඩා සැලකිලිමත් වනවා. මෙම රක්ෂණයට අනුව ක්‍රීඩකයින්ගේ ආබාධ තත්වයන් සදහාද ගෙවීම් සිදුකරනු ලබනවා. freehitlankasri lanka cricket team

Be the first to like.

Related posts:

Read Also
Advertisement

Leave a Reply